
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද රැගෙන විත් තිබුනේ ඔහුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අද(20දා) පස්වරු 02ට මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් තීන්දුව ප්‍රකාශ කරන්නට නියම කර තිබූ නිසාය.
2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි ඔහු දින 20ක කාලයක් සැඟව සිට ඊයේ (19) දිනයේ මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවූ ඔහු ඊයේ රැඳවුම් බාරයට පත්කර අඟුණුකොලපැලැස්ස වෙත ගෙනගොස් රඳවා තැබිණි.
එලෙස අද (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද දහවල් අධිකරණයට ඉදිරිපත් කළ පසුව ඇප ලබාදිය නොහැකි බවට තීරණය විය. සති 02 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසරය ලැබිණි.
ඒ අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙයි.
ඔහු අධිකරණයට ආවේ නීතීඥවරුන් විශාල පිරිසක් සමගයි. ඔහුගේ ප්‍රධාන නීතිඥයා වූයේ රොමේෂ් ද සිල්වාය.තමන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට
අභියාචනාධිකරණය පසුගිය දා තීන්දු කළ අතර අද ඇප අයැදුමද ප්‍රතික්සේප විය.
දේශබන්දු තෙන්නකෝන් නැවත බන්ධනාගාරය වෙත රැගෙන ගියේ දැඩි රැකවල් මැදයි.
Comments
Post a Comment
Your comment will be visible after approval