
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවකට මාරු කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී ඒ. දිසානායක මහතා මාධ්‍ය වෙත දැනුම් දී ඇත.
දිසානායක මහතාගේ ප්‍රකාශය අනුව, මර්වින් සිල්වා ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන නවක සිරකරුවන් රඳවා තබන රෝහල් වාට්ටුවකට ඔහු යොමු කර ඇත. කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ වී රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති වෛද්‍යවරයා සහ ව්‍යාපාරිකයා බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවල රඳවා තබා ඇති අතර, ඔවුන්ට කිසිදු අමතර පහසුකමක් ලබා දී නොමැති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඔහුගේ පැලවත්ත නිවසේදී පසුගිය 5 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ කිරි බන්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ චෝදනාවක් මත ය.
එම අතර, මෙම සිද්ධියට සම්බන්ධ බව සැක කෙරෙන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත. වාර්තා වන ආකාරයට ඔහු දැනට සතියකටත් වඩා වැඩි කාලයක් සැඟවී සිටී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීම සඳහා කැලණිය ප්‍රදේශයේ ඔහුගේ නිවසට ගොස් ඇතත්, ඔහු එවිට නිවසින් පලා ගොස් සිටි බව වාර්තා වේ.
පොලිසිය ඔහුගේ බිරිඳගෙන් සහ රියදුරුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. පොලිස් වාර්තා අනුව, මේ වන විටත් ප්‍රසන්න රණවීරගේ ජංගම දුරකථනය අක්‍රියව පවතින බව දැන ගැනීමට ලැබී තිබේ.
වැඩිදුර විමර්ශන දිගටම සිදු කෙරෙමින් පවතින අතර, අදාළ වගකිවයුතු පුද්ගලයින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval