
කොළඹ ග්‍රෑන්ඩ්පාස් නාගලගම් වීදිය ප්‍රදේශයේ අද (17) රාත්‍රී වෙඩිතැබීමක් සිදුකර තිබේ. එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. තුවාල ලබා ඇති දෙන්නා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ලොරි රථයකින් පැමිණි වෙඩික්කරුවන් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත .
මෙය තවත් පාතාල ගැටුමක් බවට සාක්ෂි ලැබී ඇති අතර
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරමින් පවතින බව ග්‍රෑන්ඩ් පාස් පොලිසිය දන්වා සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval