sinuli-damsandi-song-lassana-light-dama-trip-eka-pandarin

 "ලස්සන ලයිට් දමා බස් එක ආවා.. කෝ මේ නඩේගුරා කස්තුරි මාමා... නැන්දත් එයි මාතරින්...අපි යමු පාන්දරින්.... යං.... යං මාතරින් ට්‍රීප් එක පාන්දරීන්"
මේ දවස් වල ට්‍රෙන්ඩින් ඇවිල්ල තියෙන සින්දුව තමයි ඔය ඉහතින් උපුටා දක්වල තියෙන්නේ. පුංචි දරුවෝ විතරක් නෙමෙයි මේ දවස්වල තරුණ, වැඩිහිටි කවුරුත් මේ සින්දුව මුමුණන බවයි ආරංචි. ඉතින් එහෙම වෙලාවක මේ සින්දුව කියන පුංචි දියණිය, දිනුලි දම්සදි එක්ක කළ කථාබහක් මේ.

ඉතින්... ඉතින් කොහොමද දෝණිට ලැඛෙන ප්‍රතිචාර?
ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ෆේස්බුක් එකට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම යාළුවන්ගෙන්, නෑදෑයන්ගෙන් පාරේ යද්දිත් ගොඩක් අය කතා කරලා සුබ පතනවා.

මේ සින්දුව අරගෙන ටික්ටොක් එහෙමත් හදලා තියෙනවා නේද?
ඔව්. සින්දුව ගොඩක් වයිරල් වෙලා. ක්ෂේත්‍රයේ ඉන්න නැන්දල මාමලත් මේ සින්දුවෙන් ටිකක්ටොක් හදලා තිබුණා. ඉතින් මට ගොඩක් සතුටුයි සින්දුව ප්‍රසිද්ධ වුණු එක ගැන.


සින්දුව කරන්න අදහස ආවේ කොහොමද?
මම මීට කලින් බුද්ධික දයාරත්න සර් සංගීතය කළ මිහිරි නැන්ද ලියපු නිසසල රෑ' කියල සින්දුවක් කළා. කවර් ගීතත් ගොඩක් කළා . ඒ වගේම කාංවනා අනුරාධි නැන්දගේ සින්දුවක කවර් එකක් කළා. පස්සේ වමත් සංගීත් මාමා ඒකෙන් කවර් එකක් කරලා දුන්නා. ඒකත් ගොඩක් ප්‍රසිද්ධ වුණා. ඔය අතරේ තමයි තාත්තා කිව්වේ සින්දුවක් කරමු කියලා. මේ සින්දුව ලියල දුන්නේ ලසිත ජයනෙත්ති ආරච්චිගේ මාමා. ඒ වගේම සංගීතය දිල්ෂාන් එල්. සිල්වා මාමා. වීඩියෝ එක කළේ චාරුක දුෂන්ත් මාමා

බස් එකක් ඇතුළේ මේ සින්දුව රූපගත කරන්න මහන්සි වෙන්න ඇති නේද?
ඔව්. සින්දුව ඇතුළේ චරිතතියෙන නිසා ඒ චරිත වලට නැන්දල මාමලාව තෝරගත්තේ චාරුක මාමා. දවසක්ම වගේ ගියා සින්දුව මුට් කරන්න. නැන්දලා මාමලා, මම වගේම පොඩි අය එක්ක ඒක හරි විනෝදජනක වැඩක් වුණා.

දිනුලි දුව මේ ක්ෂේත්‍රයට ආවේ දෙරණ ලිටිල් ස්ටාර් හරහා නේද?
ඔව්. එතකොට මට අවුරුදු තුනයි. දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 9 එකේ අපේ අක්ක සිංදු කියන්න ගියා. මම ගියේ තරගය නරඹන්න. හැබැයි අම්මලා මාවත් ඒකට ඉදිරිපත් කළා. මම ඒ කේ අවසාන 8 දෙනා අතරට ආවා. ආයෙත් 2021 දී සීසන් 11ට ඉදිරිපත් වුණා. ඒකෙන් අවසාන 3 අතරට ආවා. මම අවුරුදු දෙකහමාරේ වගේ ඉඳලා සින්දු කියනවා.


එතකොට දැන් දුවගෙ වයස කියද? පාසලේ විස්තර මොනවද?
දැන් මට 11යි. හය වසරේ ඉගෙන ගන්නේ. මගේ පාසල ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය. පාසලේ ප්‍රින්සිපල් සර්. ගුරුවරු, යාළුවෝ හැමෝම මට උදව් කරනවා.

ගෙදර අයගෙන් ලැඛෙන සහාය කොහොමද?
මට ඉන්නෙ අම්මයි, තාත්තයි. අක්කයි. නංගි. තාත්තා කීර්ති රවීන්ද්‍ර. අම්මා ගයනි දිල්රුක්ෂි. තාත්තා තමයි මේ ගීතයේ රූප රචනාවට මුදල් වියදම් කළේ. ඇඹිලිපිටිය ඉඳලා ගායන වැඩවලට කොළඹ එක්කගෙන යන්නෙත් තාත්තා තමයි. අම්මා සංගීත ගුරුවරියක් නිසා මට සංගීතය කියලා දෙනවා. ඒ දෙන්නගේ සහාය නිසා තමයි මට මේ හැම වැඩක්ම කරගන්න පුළුවන් වුණේ.

සින්දුව ප්‍රසිද්ධ වුණාට පස්සේ තවත් අවස්ථා ලැබුණද?
ඔව්. මම මීට කලිනුත් ප්‍රසංග වලට සහභාගි වුණා. මේ සින්දුවත් එක්ක වැඩිපුර ප්‍රසංග වලට ආරාධනා ලැබෙනවා.
ඉතින් දුවගෙ අනාගත බලාපොරොත්තුව ගායිකාවක් වෙන එකද?
මම සින්දු කියන්නත් කැමැතියි. විනෝදාංශයක් විදියට සිංදු කියනවා. ඒත් මම කැමැති ලොකු වෙලා ඩොක්ටර් කෙනෙක් වෙන්නයි. ගිය අවුරුද්දේ මම ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වෙලා පාසලේ පළවෙනි දස දෙනා අතරටත් ආවා. සංගීතයත් කරන ගමන් අධ්‍යාපනයෙන් ඉහළටම යන්න තමයි මට ඔනේ.

(සෙව්වන්දි හෙට්ටිආරච්චි)