the-speaker-bursts-into-tears-after-hearing-the-batalanda-report-video

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභාවේ වාරිතාව ඊයේ (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා බොහෝ සෙයින් හැඟීමිබර වනු දැක ගතහැකි විය.
බිමල් රත්නායක මහතා එම වාර්තාව ඉදිරිපත්
කිරීමෙන් පසු ඉතිහාසය පුරා සිදු වූ තරුණ ඝාතන සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දැක්වීය.
රත්නායක මහතා විනාඩි දහයකට වැඩි කාලයක් එම කතාව කළේය.
බිමල් රත්නායක හෙතාගේ කතාව ඇසූ කතානායකවරයා එක් අවස්ථාවක බොහෝ සෙයින් හැඟුම්බර වනු දැක ගත හැකි විය. කොපමණ හැඟීමබර වුණාදැයි කිවහොත් මීළඟ කථිකයාගේ නම් ප්‍රකාශ කිරීමට පවා ඔහුට දැඩි ආයාසයක් දැරීමට සිදුවිය.