
මහියංගණ නගරයට ආසන්න දොඩම්වත්ත, ගෙවල් 20 ගම්මානයේ පසුගිය දා සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහියංගණ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවට මහියංගණ පොලිසිය පවසයි.මෙසේ වෙඩි වැදී ඇත්තේ වෙඩි තැබීම සඳහා පැමිණි පිරිසේම අයකුට බව කියන පොලිසිය තුවාලකරු දම්බරාව ප්‍රදේශයේ 47 හැවිරිදි තැනැත්තකු බව කියයි. පිරිසක් දොඩම්වත්ත ගම්මානයට පැමිණ ගල්මුල්වලින් පහර දෙමින්
ප්‍රචණ්ඩකාරීව හැසිරෙන හා වෙඩි තැබීම සිදු කරන අවස්ථා එම ගම්මානයේ කාන්තාවක සිය ජංගම දුරකථනයේ පටිගත කර ඇති බව පොලිසිය පවසයි.මහියංගණ නගරයේ පිරිසක් හා මහියංගණ දොඩම්වත්ත ගම්මානයේ පිරිසක් අතර කලක පටන් පවතින ගැටුමක් දුරදිග යමින් පසුගිය 15 දා මහියංගණ නගරයේ සංවිධානය කර තිබූ අලුත් අවුරුදු උත්සවයකදී ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් මෙම ගැටුම නැවතත් ආරම්භ වී ඇති බව හෙළිවීයැයි පොලිසිය කියයි. මහියංගණ නගරයේ අලුත් අවුරුදු උත්සවය සංවිධානය කර තිබූ ක්‍රීඩා පිට්ටනියේ පිවිසුම අසලදී ඇතිවූ ගැටුමෙන් පසු ඔහුගේ පියා ඇතුළු කණ්ඩායමක් දොඩවත්ත ගම්මානයට ගොස් ගම්මානයේ පිරිස්වලට ගල් මුල් වලින් පහර දී, වෙඩිතැබීම් තුනක් ද සිදු කර ඇති බව පැවැසේ.
වෙඩි තැබීම සිදු කළ බව කියන පුද්ගලයා හා වෙඩිතැබීම සඳහා යොදාගන්නා ලද ගල්කටස් වර්ගයේ ගිනි අවිය සිද්ධිය වූ දින සවසම අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණ සොරබොර පදිංචිකරුවකු වන 57 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු වෙඩි තැබීම සඳහා යොදාගෙන තිබූ මෙරට නිෂ්පාදිත එම ගල්කටස් වර්ගයේ ගිනි අවිය ටී 56 වර්ගයේ උණ්ඩ භාවිතය සඳහා සැකසූ එකක් බව පැවසේ.
Comments
Post a Comment
Your comment will be visible after approval