
කීර්තිමත් ග්‍රන්ථ කර්තෘවරයෙකු වන බෙනට් රත්නායක මහතා අභාවප්‍රාප්ත වී ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් දැනුම් දී තිබේ.
මියයනවිට වයස අවුරුදු 97ක් වූ රත්නායක මහතා " බෙන් රස්නැක්" යන අන්වර්ථ නාමයෙන් ග්‍රන්ථ රචනයේ නිරතවූයේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙකු හා ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යාලයේ භාෂා පුහුණු අංශයේ ඉංග්‍රීසි උපදේශකයෙකු ලෙස කාලයක් සේවය කළ රත්නායක මහතා සිංහල හා ඉංග්‍රීසි භාෂා පිළිබඳව විශේෂ ප්‍රවීණත්වයක් පෙන්නුම් කළ අයෙකි.
ඒ මහතා විසින් ග්‍රන්ථ 30කට ආසන්න සංඛ්‍යාවක් පරිවර්තනය කර ඇති අතර ඒවා සමාජ විද්‍යාව, දර්ශනය මනෝවිද්‍යාව සෞඛ්‍යය ආදී විවිධ විෂය පථ ආවරණය කරයි.
දේහය තලංගම, මහින්ද පනාගොඩ මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවමංගල්‍ය කටයුතු 2025 අප්‍රේල් මස 12 වැනි දින සිදු කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval