
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් නිවේදනය කළ පරිදි, පෞද්ගලික අංශයේ අවම මාසික වැටුප අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500 සිට රුපියල් 27,000 දක්වා රුපියල් 9,500කින් ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇත. මේ සමඟම ජාතික අවම දෛනික චේතනය ද රුපියල් 700 සිට රුපියල් 1,080 දක්වා රුපියල් 380කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
අමාත්‍යවරයා මෙම නිවේදනය සිදු කළේ කොළඹදී ඊයේ (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. මෙම වැටුප් වැඩිවීම 2025 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරිමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ද වැටුප් ඉහළ නැංවීමට කළ යෝජනාව මත පදනම් වී ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
ඒ අනුව, සේවකයන්ගේ ජාතික අවම චේතනය පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ද වෛද්‍ය ජයතිස්ස මහතා සඳහන් කළේය. මෙම වැටුප් වැඩිවීම දෙඅදියරකින් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.
පළමු අදියර ලෙස 2025 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500 සිට රුපියල් 27,000 දක්වා රුපියල් 9,500කින් ජාතික අවම මාසික චේතනය ඉහළ නැංවෙන අතර, එම දිනයේ සිටම ජාතික අවම දෛනික චේතනය රුපියල් 700 සිට රුපියල් 1,080 දක්වා රුපියල් 380කින් ඉහළ නැංවීමට නියමිතය.
දෙවැනි අදියර ලෙස 2026 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම මාසික චේතනය රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා රුපියල් 3,000කින් තවදුරටත් ඉහළ නැංවීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
එමෙන්ම 2026 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය ද රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා රුපියල් 120කින් ඉහළ නැංවීමට නියමිත බව ද ඔහු පැවසීය.
අමාත්‍ය වෛද්‍ය ජයතිස්ස මහතා තවදුරටත් පැහැදිලි කළේ ජාතික අවම මාසික වේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත්, ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි.
මෙම තීරණය පෞද්ගලික අංශයේ සේවය කරන සැලකිය යුතු පිරිසකට සෘජුව බලපෑම් ඇති කරනු ඇති අතර, ආර්ථික අර්බුදය හමුවේ ජීවන වියදම ඉහළ යාමත් සමඟ පෞද්ගලික අංශයේ සේවකයින්ට සහනයක් ලබා දීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව රජය පෙන්වා දී තිබේ.
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප සහ දෛනික චේතනය ඉහළ නැංවීමේ මෙම තීරණය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වීමත් සමඟ සේවකයින්ට සැලකිය යුතු ආදායම් වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වනු ඇත. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ සුබසාධනය උදෙසා ගත් මෙම පියවර රටේ සමස්ත ආර්ථික වර්ධනයට ද ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval