
පාර්ලිමේන්තු සංකීර්ණයේ මුළුතැන්ගෙය නිසි සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට එම ප්‍රදේශය මුළුමනින්ම පරීක්ෂා කිරීමට කතානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවසර ලබා දී තිබේ.
මෙම පරීක්ෂණය යටතේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සමස්ත සෞඛ්‍ය ආරක්ෂිතභාවය තක්සේරු කිරීම මෙන්ම, ඩෙ
ංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඇතිදැයි සොයා බැලීම සඳහා ඉදිරි දිනවල විධිමත් පරීක්ෂණයක් සිදු කරනු ඇත.
මේ අතර, පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි සහ භෝජනාගාර අංශයේ සේවය කරන සේවකයන් සියයකට ආසන්න පිරිසකට ටයිපොයිඩ් එන්නත ලබා දී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය දිනවල පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබේ.
ටයිපොයිඩ් එන්නත ප්‍රධාන වශයෙන් ලබා දෙනු ලබන්නේ උණසන්නිපාත රෝගය වැළැක්වීමේ අරමුණින්.
උණසන්නිපාතය යනු, දැනටමත් ආසාදිත පුද්ගලයකුගේ මළමුත්‍රවලින් සහ එම පුද්ගලයා විසින් හසුරවනු ලබන අපවිත්‍ර වූ ආහාර හෝ ජලය ශරීරගත වීමෙන් සම්ප්‍රේෂණය වන බැක්ටීරියා ආසාදන රෝගයකි.
පාර්ලිමේන්තු නිලධාරීන් සඳහන් කරන අන්දමට, මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි සහ ආපන ශාලා අංශයේ සේවය කරන සේවකයින් අතර, මෙම එන්නත ජීවිත කාලයටම ලබා නොගත් පිරිසක් ද සිටින බව හඳුනාගෙන ඇත. මෙම සේවකයින්ට ද ටයිපොයිඩ් එන්නත ලබා දීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරිණි.
පාර්ලිමේන්තුව වැනි ඉතා වැදගත් ආයතනයක ආහාර සැකසීම සහ පිරිනැමීම සම්බන්ධ සේවාවන්හි නියැලෙන සේවකයින්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බැවින් මෙවැනි පියවර ගැනීම ඉතා වැදගත් වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval