
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ කෝසල නුවන් ජයවිර මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී ඇත. රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඒ මහතා මෙලෙස මිය ගොස් ඇති අතර, මරණය සිදුවන විට ඔහු තිස් අට හැවිරිදි වියේ පසුවිය. කෝසල නුවන් ජයවිර මහතාගේ දේහය දැනට කරවනැල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇත.
පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු කෝසල නුවන් ජයවිර මහතා මනාප ඡන්ද 61,713ක් ලබාගනිමින් කෑගල්ලෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් හත් දෙනා අතරින් දෙවැනි ස්ථානය හිමි කරගත්තේය.
ඔහු ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලයේ හා ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේන් පාසල් අධ්‍යාපනය හදාරා විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ අයෙකි. එසේම ඔහු විවෘත විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළ බවත්, සමාජවාදී ශිෂ්‍ය සංගමයෙන් (SSU) ජාතික දේශපාලනයට පැමිණි බවත් සඳහන් කර තිබිණි.
'ඉංජිනේරු කෝසල ජයවීර' ලෙස නම සඳහන් කර ප්‍රචාරණයේ යෙදුණ ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ලෙස පාර්ලිමේන්තුවේ දක්වා ඇත්තේ ඩිප්ලෝමාධාරියෙකු හා වෘත්තීය සුදුසුකම ලෙස සහකාර ඉංජිනේරුවරයෙකු ලෙස වන අතර මේ ගැන කථාබහක්ද පසුගියදා ඇතිව තිබිණි.
ඉතා අඩු වයසකින් කෝසල ජයවීර මහතා සමුගැනීම කම්පනයට තුඩුදෙන ආරංචියක්වී ඇත.
ඔහුගේ අවමඟුල් කටයුතු පිළිබඳ තොරතුරු පසුව නිකුත් කෙරෙනු ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval