gossiplanka image 1

2024 වර්ෂයේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති අතර, දිවයිනේ විවිධ විෂය ධාරාවන්ගෙන් විශිෂ්ට දක්ෂතා පෙන්වූ සිසුන් පිළිබඳ තොරතුරු පහත පරිදිය.


 

උසස් පෙළ විභාගයේ සියලුම විෂය ධාරාවන්හි ඉහළම ප්‍රතිඵල ලැබූ සිසුන් 

  • ජීව විද්‍යා විෂය ධාරාව
    1 වන ස්ථානය: සන්දිති නිම්තරා හෑගොඩ ආරච්චි – මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල
    2 වන ස්ථානය: කල්ප විධුසාරණී – අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය
    3 වන ස්ථානය: ජමුනානන්ත ප්‍රණවන් – හින්දු විද්‍යාලය, යාපනය

  • භෞතිය විද්‍යා (ගණිත) විෂය ධාරාව
    1 වන ස්ථානය: ලෙසඳු රන්සර කුමාරගේ – බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ 
    2 වන ස්ථානය: කන්දසාමි දසරත් – හැට්ලි විද්‍යාලය, හැටන් 
    3 වන ස්ථානය: තෙවිඳු දිල්මිත් දහනායක – බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ

  • වාණිජ විෂය ධාරාව
    1 වන ස්ථානය: අමාෂා දුලාරි – විශාඛා විද්‍යාලය, කොළඹ 
    2 වන ස්ථානය: ඉඳුවර සංහිත කුමාරපෙලි – රාජකීය විද්‍යාලය, කොළඹ
    3 වන ස්ථානය: ලෙසඳි උතුරා පෙරේරා – සුජාතා විද්‍යාලය, නුගේගොඩ

  • කලා විෂය ධාරාව
    1 වන ස්ථානය: සෙනලි චමත්කා රණසිංහ -රත්නවලී බාලිකා විද්‍යාලය, ගම්පහ 
    2 වන ස්ථානය: දිනෙත්මි මෙතංගා ජනකාන්ත – ෆර්ගසන් උසස් විද්‍යාලය, රත්නපුර
    3 වන ස්ථානය: ඉසුරි අංජලිකා පීරිස් – මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර

  • ඉංජිනේරු තාක්ෂණවේද විෂය ධාරාව
    1 වන ස්ථානය: කාව්‍ය රවිහංස – මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය, නාරම්මල 
    2 වන ස්ථානය: උෂාන් මලිත් ජයසූරිය – සිවලී මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර 
    3 වන ස්ථානය: පසිඳු මධුශංක – ශ්‍රී සුමංගල විද්‍යාලය, හික්කඩුව

  • ජෛව පද්ධති තාක්ෂණවේද විෂය ධාරාව
    1 වන ස්ථානය: නෙත්මි නවෝද්‍යා මාරසිංහ – සඳලංක ජාතික පාසල
    2 වන ස්ථානය: මහිෂා පතිරණ – පුෂ්පදාන බාලිකා විද්‍යාලය, මහනුවර
    3 වන ස්ථානය: චමෝදි හංසිකා – රත්නවලී බාලිකා විද්‍යාලය, ගම්පහ


අමතර කරුණු

2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය සමත්වූ අතර ඇය සමග ඇගේ උපකාරක පන්ති ගුරුවරයා වූ දිනේෂ් මුතුගල ඡායාරූපයකට පෙනී සිට සුබ පැතීම සමාජ මාධ්‍ය තුළ කථාබහට ලක්විය.


ජීව විද්‍යා අංශයෙහි  දිවයිනේ 3 වැනියා හා 5 වැනියා එකම පවුලක දෙදෙනෙකු විසින් ලබාගෙන ඇති අතර යාපනය දිස්ත්‍රික්කයෙන් ජීව විද්‍යා අංශයෙන් ජමුනානන්ත ප්‍රනාවනන් හා ජමුනානන්ත සරාවනන් නිවුන් සිසුන් එම දස්කම සිදුකර ඇත. ඔවුන් පිළිවෙලින් එම දිස්ත්‍රික් ප්‍රථමයා හා දෙවැනියා බවටද පත්ව ඇත.

ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ලෙසඳු රන්සර කුමාරගේ සිසුවා සමත් වී තිබේ. රන්සර කුමාරගේ සිසුවා වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 5 වසර සමත්ව බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුලත්ව මෙම ජයග්‍රහණය හිමිකරගෙන ඇත. භෞතික විද්‍යා (ගණිත) විෂය ධාරාවෙන් ඔහු දිවයිනේ ප්‍රථමයා ලෙස නම් කර ඇත.

විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු ගණිත අංශයෙන් දිවයිනේ තවත් ඉහළ ස්ථාන දෙකක් දිනාගැනීමට සමත් වී තිබීමයි. ඒ අනුව එම විද්‍යාලයේම තෙවිඳු දිල්මිත් දහනායක සිසුවා ගණිත අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය දිනාගෙන ඇති අතර, නවිඳු දිනෙත් තෙන්නකෝන් සිසුවා ගණිත අංශයෙන් දිවයිනේ පස්වන ස්ථානය හිමිකරගෙන තිබේ.

2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවිය දිනා ඇත. රාගම, බටුවත්ත ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති සෙනලි සිසුවිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 164 ලබා ගනිමින් රත්නාවලී බාලිකාවට ඇතුලත්ව ඇත.

2024 අ.පො.ස. උසස් පෙළ විභාගයේ වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ කංකානිගේ අමාශා දුලාරි පෙරේරා සිසුවිය විසින් හිමිකරගෙන තිබේ.ජෛයිව විවිධත්ව තාක්ෂණ වේදය විෂයෙන් ලංකාවේ ප්‍රථමයා වීමට සඳලංකාව මැදි විදුහලේ නෙත්මි නවෝද්‍යා මාරසිංහ සිසුවිය සමත් වූවාය.
ඉංජිනේරු තාක්ෂණවේද විෂය ධාරාවෙන් පළමු ස්ථානය: කාව්‍ය රවිහංස ( මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය, නාරම්මල ) දිනාගත්තේය. ‍