
යුරෝපීය හා ආසියානු වෙළඳපොළ සඳහා යැයි කියන කුහුඹුවන් ර්ග 5000 කට ආසන්න ප්‍රමාණයක් සමඟ බෙල්ජියානු තරුණයින් දෙදෙනෙකුට අත්අඩංගුවට ගැනුණු පුවතක් කෙන්යාවෙන් වාර්තාවේ.
මෙම තරුණයින් දෙදෙනා මහේස්ත්‍රාත්වරියට පවසා ඇත්තේ කුහුඹුවන් තබා ගැනීම නීති විරෝධී බව ඔවුන් නොදැන සිටි බවත්, විනෝදය සඳහා පමණක් එය කළ බවත්ය. නමුත් කෙන්යානු වනජීවී නිලධාරීන් මෙය ජාවාරමක කොටසක් ලෙස අනාවරණය කරගෙන තිබේ.
කෙන්යා වනජීවී සේවය පවසා ඇත්තේ මෙම සැකකරුවන් සිව්දෙනාම කුහුඹුවන් යුරෝපීය සහ ආසියානු වෙළඳපොළවල් වෙත ජාවාරම් කිරීමට සම්බන්ධ වී සිටි බවත්, ඒ අතර නැගෙනහිර අප්‍රිකාවට ආවේණික විශේෂයක් වන මෙසර් සෙෆාලොට්ස් (messor cephalotes) නම් සුවිශේෂී, විශාල සහ රතු පැහැති අස්වනු නෙළන කුහුඹුවන් ද ඇතුළත් වූ බවත්ය.
මෙම කුහුඹුවන් සුරතලුන් ලෙස තබා ගන්නා සහ ඔවුන්ගේ කොලනි නිරීක්ෂණය කරන පුද්ගලයින් විසින් මිලදී ගනු ලැබේ.
යුරෝපයේ වෙබ් අඩවි කිහිපයක විවිධ මිල ගණන් යටතේ විවිධ කුහුඹු විශේෂ විකිණීමට ලැයිස්තුගත කර ඇත.
සැකකරුවන් සිව්දෙනා සමඟ සොයාගත් කුහුඹුවන් 5,400 KWS වාර්තා අනුව කෙන්යානු ෂිලිං 1.2 මිලියනක් (යුරෝ 8,104) වටිනාකමකින් යුක්ත වේ.
කෙන්යා වනජීවී සේවය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ "මෙය සතුන් ජාවාරම් කිරීමේ මේ දක්වා පැවති ප්‍රවණතාව වෙනස් කර සිදුකරන්නක් බවයි. මින් පෙර අලි,කුරුමිණියන් සහ පැන්ගොලීන් වැනි විශාල වනසතුන්ගේ ශරීර කොටස් ජාවාරම් හසුව තිබුණත් කුහුඹු ජාවාරම විරල එකකි.
බෙල්ජියම් තරුණයින් සංචාරක වීසා මත රටට ඇතුළු වී සිටි අතර, සංචාරකයින් අතර ජනප්‍රිය, එහි සත්ව උද්‍යාන සහ විල් සඳහා ප්‍රසිද්ධ බටහිර නයිවාෂා නගරයේ නවාතැන් පොළක නවාතැන් ගෙන සිටියහ.
ඔවුනට ඉදිරි සති දෙකක් ඇතුළත දඬුවම් ප්‍රකාශ කෙරෙනු ඇති බව කෙන්යානු මහේස්ත්‍රාත්වරයෙක් ප්‍රකාශ කර ඇත.
වයස අවුරුදු 19ක් වන බෙල්ජියානු ජාතිකයින් වන ලොර්නොයි ඩේවිඩ් සහ සෙප්පේ ලොඩෙවිජ්ක්ස් යන දෙදෙනා අප්‍රේල් 5 වැනිදා කුහුඹුවන් වර්ග 5,000ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි. කුහුඹුවන් ආහාර කොටසක් සමග කැප්සියුල වල බහා තිබීම විශේෂිතය.


Comments
Post a Comment
Your comment will be visible after approval