
බදුල්ල ඇල්ල ප්‍රදේශයේ හෝටලයක නාන කාමරයක සිටි ස්වීඩන් ජාතික තරුණියකගේ නිරුවත් ඡායාරූප ජංගම දුරකතනයකින් හොර රහසේ ලබාගැනීමේ චෝදනාවට හෝටල් සේවකයකු අත්අඩංගුවට ගෙන ඇති බව ඇල්ල පොලිසිය වාර්තා කරයි.
මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ පෙරේදා (6) වන දින රාත්‍රී කාලයේදී බව පොලිසිය පවසයි.
මෙරට සංචාරයක නිරත වී සිටි විසිහත් හැවිරිදි ස්වීඩන් ජාතික තරුණිය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ, තමා හෝටලයේ නාන කාමරය තුළ සිටියදී කිසියම් පුද්ගලයකු ජනේලයකින් ජංගම දුරකතනයක් මගින් තමාගේ නිරුවත් ඡායාරූප ලබාගත් බවටයි.
මෙම පැමිණිල්ල ලැබීමෙන් අනතුරුව ඇල්ල පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ අනුව පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හෝටල් සේවකයකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු සම්බන්ධයෙන් ඇල්ල පොලිසියේ නිලධාරී කණ්ඩායමක් දැනට වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බව වාර්තා වේ.
මෙවැනි සිදුවීම් විදේශීය සංචාරකයින්ගේ පෞද්ගලිකත්වය කඩකිරීමක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ද බලපෑම් ඇති කරන බව අදාළ බලධාරීන් පෙන්වාදෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval