
දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති ජාත්‍යන්තර කාන්තා සමුළුවේදී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය, යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේදී කාන්තාවන්ට ඇති අද්විතීය හා පරිවර්තනීය බලය අවධාරණය කරමින් දේශනයක් පැවැත්වූවාය.
2025 විශ්ව සාම සම්මේලනයට සමගාමීව පැවති මෙම කාන්තා සමුළුව අප්‍රේල් 10 සිට 13 දක්වා දින කිහිපයක් පුරා සෝල් නුවරදී සංවිධානය කර තිබුණි. "සාමයේ සහ සෞභාග්‍යයේ බලාපොරොත්තු සහගත අනාගතයක් කරා කාන්තාවගේ වැදගත් කාර්යභාරය" යන තේමාව කේන්ද්‍ර කර ගනිමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය දේශනය ඉදිරිපත් කළාය.
සිය දේශනයේදී ඇය ශ්‍රී ලංකාවේ යුද සමයේ අත්දැකීම් පාදක කරගනිමින් ගැටුම් හමුවේ ජාතීන්ගේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව සිය සාක්ෂි හා නිරීක්ෂණ බෙදා ගත්තාය.
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව ලෙස ගැටුම් මතින් නැගී සිටින ජාතීන්ගේ ධෛර්යය හා ඔරොත්තු දීමේ හැකියාව ඇය සියැසින් දුටු බව ද ප්‍රකාශ කළාය.
ගැටුම්වලින් පසු සමාජයක අනාගතය යළි ගොඩනැඟීමේදී සමාජයේ සාමූහික ධෛර්යය වඩාත් ගැඹුරු හා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමට වැදගත් වන අතර, එම ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ පරිවර්තනීය බලය අද්විතීය වේ,
කාන්තාවන්ට පවුල්, ප්‍රජාවන් හා සමස්ත සමාජයන් තුළ සාමය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ විශේෂ හැකියාවක් ඇත. ගැටුම්කාරී සමයක වුවද, පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට කාන්තාවන්ට ඇති අද්විතීය හැකියාව අප කිසිදා අවතක්සේරු නොකළ යුතුය,
යනුවෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැවසුවාය.
දකුණු කොරියාවේ පැවති 2025 විශ්ව සාම සම්මේලනයට ලොව පුරා රටවල නායකයන්,
මහජන නියෝජිතයන් හා සාමය සඳහා වන සංවිධානවල නියෝජිතයන් සහභාගී වී සිටියහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනද එක් විය.
මෙම සම්මේලනයට සමගාමීව පැවති කාන්තා සමුළුවේ අරමුණ වූයේ ලෝක සාමය, සංහිඳියාව හා සංවර්ධනය උදෙසා කාන්තාවන්ගේ කාර්යභාරය පිළිබඳව අවධානය යොමු කිරීමයි.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය දේශනයේදී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්යාවක ලෙස සිය අත්දැකීම් හා නිරීක්ෂණ පාදක කරගනිමින් සාම ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ දායකත්වය ගැන අවධාරණය කළාය. විශේෂයෙන්ම ගැටුම්වලින් පසු පුනරුත්ථාපනය, සංහිඳියාව හා සමාජ සංවර්ධනය සඳහා කාන්තාවන්ගේ දායකත්වය ඉස්මතු කරමින් ඇය කතා කළාය.



















Comments
Post a Comment
Your comment will be visible after approval