Update: Dan Priyasad was involved in the murder of his wife's sister - the main suspect has been arrested

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
මෙම සැකකරු පිලිබඳ පොලිසිය වැඩිදුර තොරතුරු අද සවස හෙළි කරන බව දන්වා ඇත. දැනට වාර්තාවන තොරතුරු අනුව මෙම ඝාතනය සැලසුම්සහගතව සිදුකළ කටයුත්තක් බව අනාවරණයවී ඇත. ඩෑන් ප්‍රියසාද් සිංහල අවුරුද්ද සමරන්නට මත්පැන් "සෙට් වීමකට"  බිරියගේ නිවසට එන බවට

ඝාතකයින්ට ඔත්තු සැපයීම සිදුකර ඇත්තේ බිරියගේ නැගණිය විසින් බවට සැකකරන අතර මේ නිසා ඝාතන සැලසුමට සැකපිට ඩෑන් ප්‍රියසාද් ගේ බිරිඳගේ නැගණිය මේවනවිට ප්‍රශ්නකර තිබේ.  ඇයගේ ජංගම දුරකතනයේ වට්ස්ඇප් මාධ්‍යයේ හුවමාරු වී ඇති පණිවුඩ කිහිපයක් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ප්‍රධාන සැකකරුට අමතරව  මේ වන විට මෙම ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන
කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඩෑන් ප‍්‍රියසාද්  ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති අය අතර 2022 දී ඔහුගේ මල්ලීව මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක් නිසා ඝාතනයට ලක් කළ පිය පුතු දෙදෙනාද සිටී. කෙසේ වෙතත් ඔවුන් අල්ලාගන්නට එන බවට ලද ආරංචි වලින් පසු ඔවුන් නිවෙස් වලින් අතුරුදන්ව ඇති අතර ප්‍රදේශයෙන් පලා ගොස් ඇති ඔවුන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් මහතා වෙඩි ප්‍රහාරයට ලක් වූයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ මහල් සංකීර්ණයේදීය. ඔහු බිරිඳගේ නිවස වෙත පැමිණ තිබුණේ සාදයකට සහභාගි වීම සඳහාය.
සාදය පැවැත්වෙන අතරතුර රාත්‍රී 9.10ට පමණ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු මහල් නිවාස සංකීරණයට ඇතුළු වී තිබූ අතර එය සී.සී.ටී.වී කැමරාවක ද සටහන්ව තිබිණි. එලෙස පැමිණි සැකකරුවන් දෙදෙනා පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් ඩෑන් ප්‍රියසාද් මහතාට වෙඩි තබා පලාගොස් තිබුණි.
ඩෑන් ප්‍රියසාද්ගේ  මෘතදේහය මේ වන විට (24) බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ.
මෙවර පළාත් පාලන ආයතන ඡන්දයට ඩෑන් ප්‍රියසාද් මහතා කොළොන්නාව – මීතොටමුල්ල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දයට ඉදිරිපත් වීමටත් සූදානමින් සිටියේය.
ඝාතනයට අදාළව මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලිසිය සඳහන් කර ඇති අතර වෙඩි තැබීමේ සිද්ධියේ සැකය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පාර්ශ්වය වෙත එල්ල වී තිබේ.