gossiplanka image 1

2024 අපොස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා ලංකාවේ ප්‍රථමයා බවට පත් වූ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ සඳිති නිම්හාරා සිසුවිය මේ වනවිට කතාබහට ලක්වන චරිතයක් බවට පත්ව තිබේ.

 ඇය කුරු­ණෑ­ගල යන්ත­ම්ප­ලාවේ පදිං­චි­කා­රි­යකි. දිය­ණි­යන් දෙදෙ­න­කුගේ සහ පිරිමි දරු­ව­කු­ගෙන් යුත් පවු­ලක වැඩි­ම­හල් දරුවා වන සදි­තිගේ පියා වෘත්ති­යෙන් විදුලි ඉංජි­නේ­රු­ව­ර­යෙකි. මහනුවර විදුලිබල මණ්ඩලයේ සංකීර්ණයේ විධායක ඉංජිනේරුවෙකු වන ඔහු ලක්ෂ­පාන විදුලි බලා­ගා­රයේ සේවයේ නියු­තුව සිටි කාලයේ එම ප්‍රදේ­ශයේ පාස­ල­කින් පහ වසරේ ශිෂ්‍යත්ව විභා­ග­යට පෙනී සිටි සදිති, එම විභා­ග­යෙන් නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ ප්‍රථ­මයා විය. එම විභා­ග­යෙන් සමත්ව වැඩි­දුර අධ්‍යා­ප­න­යට හය වසරේ සිට මලි­ය­දේව බාලි­කා­වට ඇතු­ළත් වූ ඇය සාමාන්‍ය පෙළ විභා­ග­යෙන් ද ඉහ­ළින් සමත්ව උසස් පෙළ ජීව විද්‍යා අංශ­යෙන් අධ්‍යා­ප­නය ලබා මේ විශිෂ්ට ජය­ග්‍ර­හ­ණය හිමි කර­ගෙන තිබේ.සදි­තිගේ සොහො­යුරා මේ වන­විට සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිට උසස් පෙළට සූදා­නම් වෙමින් සිටින අතර, සොයු­රිය ද මලි­ය­දේව බාලි­කා­වේම ඉගෙ­නුම ලබයි. මව කුරු­ණෑ­ගල ලක්දාස් ද මෙල් විදු­හලේ ගුරු­ව­රි­යක ලෙස සේවය කර­න්නීය.

තම ජය­ග්‍ර­හ­ණය ලබා­ගත් අයුරු ඇය මෙසේ ප්‍ර‍කාශ කළාය.


‘‘කුඩා කාලයේ ඉඳ­ලාම මගේ බලා­පො­රො­ත්තුව තිබුණේ වෛද්‍ය­ව­රි­යක් වෙන්න. පාස­ලේදී ලබා දුන්න වැඩ එදි­නෙ­දාම කර අව­සන් කළා. පාසලේ පැවැ­ත්වුණු වාර විභාග සිය­ල්ල­ටම මම සහ­භාගි වුණා. විභා­ගය සඳහා අවශ්‍ය සැලැ­ස්මක් මමම හදා­ගත්තා. තාත්තත් ඒ සඳහා උදව් කළා. අව­සන් මාස හතරේ කාල­ස­ට­හ­න­කට වැඩ කළා. ඒකෙදී අමාරු විෂ­යන් හඳු­නා­ගෙන ඒ සඳහා වැඩි­යෙන් කාලය ගත කළා. අවු­රුදු විස්සක විතර පාස් පේපර්ස් හොයා­ගෙන ඒවත් කළා. ඒවා­යින් අමාරු ගැටලු හඳු­නා­ගෙන ආපසු ඒවත් විස­ඳා­ගෙන තමයි මම විභා­ග­යට සූදා­නම් වුණේ.
වසර විස්සක පහුගිය ප්‍රශ්න පත්‍ර වලට කීප වතාවක්ම උත්තර සැපයුවා.ඉතාමත් උවමනාවෙන් සහ කැපවීමෙන් වැඩ කළා. විශේෂයෙන්ම සදහන් කරන්න ඕනේ මට තාත්තා හදලා දුන්නු කාලසටහනකට මම වැඩ කළා. විද්‍යාලයේ විදුහල්පති තුමිය ඇතුළු ගුරුවරුන්ගේ සහ මගේ මව්පියන්ගේ සහයෝගයෙන් මට මේ ප්‍රතිඵලය ලබාගන්න පුළුවන් වුණා.
මේ වගේ ජය­ග්‍ර­හ­ණ­යක් ලබන්න මට අම්මයි තාත්තයි තමයි ගොඩාක් උදව් කළේ. ඊට අම­ත­රව මගේ පාසලේ විදු­හ­ල්ප­ති­නිය අපිට ජය­ග්‍ර­හ­ණය සඳහා විශේෂ මඟ­පෙ­න්වී­මක් ලබා දුන්නා. ඒ වගේම උසස් පෙළට ඉගැ­න්වීම් කළ ගුරු­ව­රුත් මට ගොඩාක් උදව් කළා. මේ හැමෝ­ටම ගොඩාක් ස්තුතියි මේ වගේ ජය­ග්‍ර­හ­ණ­යක් ලබා­ගැ­නී­මට මට සහාය වීම ගැන.”


හැමෝගෙම ආශිර්වාදයෙන්, විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කැපවීමෙන් ඇය මේ ප්‍රතිඵල ලබා ගැනීම පිළිබඳව  සතුටට පත් වන බව විදුහල්පතිනිය පවසා තිබේ.අනාගතයෙ දී වෛද්‍යවරියක ලෙස රටට සේවයක් කිරීම තම එකම අභිප්‍රායෙන් සිටින සඳති දියණියගේ මේ ගමන් මගට විද්‍යාලයේ විදුහල්පති නිරෝදා අභය වික්‍රම මහත්මිය විද්‍යාලයේ විෂයන් ඉගෙන ගැනීමට උදව් කළ ගුරුවරියන් ආශිර්වාද කළ අතර ඇය නැවතත් ඔවුන්ව අගය කළාය

‘‘පාසලේදී ලබා දුන්න වැඩ එදිනෙදාම කරලා අවසන් කළා අම්මයි, තාත්තයි තමයි ගොඩාක්ම උදව් කළේ. ඊට අමතරව මගේ පාසලේ විදුහල්පතිතුමිය අපට ජයග්‍රහණය සඳහා විශේෂ මගපෙන්වීමක් ලබා දුන්නා. ඒ වගේම උසස් පෙළට ඉගැන්වීම් කරපු ගුරු මාතාවනුත් මට ගොඩාක් උදව් කළා. මේ හැමෝටම ගොඩාක් ස්තුතියි මේ වගේ ජයග්‍රහණයක් ලබාගැනීමට මට සහාය වීම ගැන.’’


gossiplanka image 1

gossiplanka image 2