
වැලිගම ප්‍රදේශයේ මිනීමැරුමකට සම්බන්ධ බවට සැකකරන පොලිස්පති ධුරයේ වැඩ තහනමට ලක්කර සිටින දේශබන්දු තෙන්නකෝන් අද (අප්‍රේල් 3) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 10 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
2023 වසරේ දෙසැම්බර් 31 වන දින මාතර,
වැලිගම ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියක් හා සම්බන්ධ චෝදනා මත ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරයි.එම සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු මිය ගිය අතර, ඊට සම්බන්ධයෙන් එවකට වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණත් ඔහු සැඟව සිටියේය.
අත්අඩංගුවට පත්වීමට අධික මැළිකමක් දැක්වූ ඔහු අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණද, එම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීරණය කරන ලදි.
දින 20ක කාලයක් සැඟවී සිටි තෙන්නකෝන් පසුගිය මාර්තු 19 වැනි දින මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාර වූයේය.
වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තුවට අනුව ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට තිබිණි.
අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, විනිසුරුවරයා විසින් අප්‍රේල් 10 දක්වා ඔහු යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධව තවදුරටත් විමර්ශන සිදු කෙරෙමින් පවතින අතර, ඉදිරි නඩු කටයුතු අප්‍රේල් 10 වැනි දින සිදු කිරීමට නියමිතව ඇත.
අද දින අධිකරණයට දේශබන්දු තෙන්නකෝන් රැගෙන ආවේද දැඩි රැකවල් මැදයි.
ඔහු බන්ධනාගාරයේ සිටින අතරවාරයේ ලබන 08 වනදා පාර්ලිමේන්තුවේ ඔහුගේ තනතුර අහෝසි කරන්නට විශ්වාසභංගයක්ද සාකච්ඡාවීමට නියමිතව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval