indian-prime-minister-narendra-modi-arrives-in-sri-lanka

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනයක් මත ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (04) සන්ධ්‍යාවේ රාජ්‍ය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. පැමිණි අවස්ථාවේ එළිමහනේ අධික වර්ෂාවක් පැවති නිසා පිළිගැනීම අභ්‍යන්තර ස්ථානයක සිදු කෙරිණි.

. "සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්" (Friendship Of Centuries Commitment to Prosperous Future) යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සංචාරය, දෙරට අතර පවතින ඓතිහාසික, සංස්කෘතික හා ආර්ථික සබඳතා වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් සිදු කෙරේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා හා ඔහුගේ නියෝජිත පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහභාගී වූහ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්,
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත යන මැති ඇමතිවරුන් විසින් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා හා ඔහුගේ නියෝජිත පිරිස මහත් උත්කර්ෂවත් ලෙස පිළිගැනීමට කටයුතු කර තිබුණි.

මෙය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන සිව්වන අවස්ථාව වන අතර, සිය සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ද්විපාර්ශ්විික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
සංචාරය අතරතුර, අග්‍රාමාත්‍ය මෝදි මහතා ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට ද නියමිත අතර, ඉන්දියානු රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමටද නියමිතය.
ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සමඟ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි ඇතුළු ඉන්දියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.

aHR0cHM6Ly9zaW5oYWxhLnNyaWxhbmthbWlycm9yLmNvbS93cC1jb250ZW50L3VwbG9hZHMvMjAyNS8wNC9Nb2RpX1Zpc2l0XzEu aHR0cHM6Ly9zaW5oYWxhLnNyaWxhbmthbWlycm9yLmNvbS93cC1jb250ZW50L3VwbG9hZHMvMjAyNS8wNC9Nb2RpX1Zpc2l0XzIu
Gns CqHWgAE33pv Gns DhgXQAAHKZx
Gns EQTXAAAxlzc
Gns Fd XUAAquTY