
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත යටතේ දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් නිෂ්පාදන වැට් බදුවලින් නිදහස් කර ඇත.
දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ, අප්‍රේල් 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු සහනය ක්‍රියාත්මක වන බවයි. කෙසේ වෙතත්, මෙම බදු සහනය ලැබීමට නම්, අදාළ නිෂ්පාදනවල අවම වශයෙන් සියයට 50ක නැවුම් කිරි අඩංගු විය යුතු බවට කොන්දේසියක් ද පනවා ඇත.
මෙම සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 9 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු අතර, අප්‍රේල් 11 වන දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඊට සිය සහතිකය ලබා දුන්නේය. එදින සිට නව පනත බලාත්මක වීමත් සමඟ,
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නව බදු සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත.
ඉහත සඳහන් බදු සහන හැරුණු විට, ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට විදුලි ජනනය සඳහා සපයනු ලබන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇති බව දෙපාර්තමේන්තුව තවදුරටත් පැහැදිලි කරයි.
නව සංශෝධන පනතට අනුව, අනේවාසික පුද්ගලයින් විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා වැට් බදු පැනවීමට ද තීරණය කර ඇත. මෙම නව බදු ක්‍රමය ඔක්තෝබර් 1 වන දින සිට ක්‍රියාත්මක වන අතර, විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට සේවා සපයන අනේවාසික පුද්ගලයින්ට මෙම බද්ද අදාළ වනු ඇත.
මීට අමතරව, වාණිජ අරමුණු සඳහා භාණ්ඩ ආනයනය හෝ අපනයනය කරන සියලුම පුද්ගලයින් එකතු කළ අගය මත බදු සංශෝධන පනතේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම සංශෝධන මගින් දේශීය නිෂ්පාදකයින් දිරිමත් කිරීමටත්, රටේ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමටත් අපේක්ෂා කරන බව පෙනේ. විශේෂයෙන්ම දේශීය කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වන මෙම පියවර මගින් දේශීය කිරි නිෂ්පාදකයින්ට විශාල සහනයක් සැලසෙනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval