
වතිකානුව විසින් ස්වර්ගස්ථ වූ ආජන්ටීනා ජාතික ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය වීවෘත කර තැන්පත් කර ඇති ඡායාරූප අද නිකුත් කර ඇත. මෙම ඡායාරූපය ගනු ලැබුවේ වතිකානුව තුළ පිහිටි උන්වහන්සේගේ නිල නිවස වූ සැන්ටා මාර්තා දේවස්ථානයේදීය.
අභාවප්‍රාප්ත පාප්වහන්සේ රතු පැහැති චීවරයකින් සැරසී සිටින අතර, හිසෙහි සුදු පැහැති මිත්‍රයක් ද, අතැඟිලි අතර ජපමාලයක් ද දක්නට ලැබුණි.
මින් පෙර පාප් වහන්සේලාගේ දේහයේ හිස පියස්සකින් ඔසවා විවෘත කෙරුන නමුත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් ඉල්ලීම පරිදි එතුමන්ගේ දේහයට එය සිදු කර තිබුනේ නැත.
ශුද්ධෝත්තම පියාණන්ගේ දේහය ලබන බදාදා දින ශාන්ත පීතර බැසිලිකාවට රැගෙන යාමට නියමිත බවත්, එහිදී භක්තිකයන්ට උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් ශුද්ධාසන මාධ්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ සඳුදා දින මාධ්‍යවේදීන්ට පැවසීය.
පාප්වහන්සේගේ අභාවයෙන් පසු පළමු කාදිනල්වරුන්ගේ මහා සභාව අඟහරුවාදා පැවැති අතර, එහිදී අවමංගල්‍ය උත්සවය සඳහා දිනය තීරණය කරන ලදි. අවසන් කටයුතු මෙරට වේලාවෙන් ලබන සෙනසුරාදා (26) පස්වරු 1.30ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
පාප්වහන්සේගේ අභාවයත් සමඟ ලෝක කතෝලික සභාව නව නායකයෙකු තේරීම සඳහා සූදානම් වන අතර, ඒ සඳහා කාදිනල්වරුන්ගේ මහා සභාව මඟින් කටයුතු සංවිධානය කෙරෙනු ඇත. ළඟදීම පැවැත්වෙන මෙම කාදිනල් සභාවේදී අවමංගල්‍ය කටයුතු පිළිබඳව මෙන්ම නව පාප්වහන්සේ කෙනෙකු තේරීම සඳහා වන පියවර පිළිබඳවද සාකච්ඡා කෙරෙනු ඇත.
කතෝලික සභා සම්ප්‍රදායට අනුව, පාප්වහන්සේ කෙනෙකුගේ අභාවයෙන් පසු දින 15ක් සේ 20ක් අතර කාලයක් තුළ නව පාප්වහන්සේ කෙනෙකු තේරීම සඳහා කාදිනල්වරුන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්විය යුතුය.




Comments
Post a Comment
Your comment will be visible after approval